pwd
අපේ පලවෙනි Linux command එක විදියට pwd කියන command එක ගැන අපි බලන්නෙ මේක බොහොම සරල වගේම ගොඩක් වෙලාවට භාවිතාවෙන command එක මේ command එක භාවිතා කරලා අපිට දැනට ඉන්න ලොකේෂන් එක ඒ කියන්නේ linux file system එක ඇතුලෙ අපි කොතනද ඉන්නේ කියන එක දැනගන්න පුළුවන්.
ටර්මිනල් එකේ ඕනම තැනක pwd command එක type කරලා enter කරන්න එතකොට ඔයාලට දැකගන්න පුලුවන් ඔයාලගේ current location එක
pwd කියන එකේ තේරුම print working directly කියන එක. මේ command එක හොඳට මතක තියාගන්න ලිනක්ස් terminal වල වැඩ කරන කොට මේක ගොඩක් වැදගත් වෙනවා.